Archives

You are currently viewing archive for May 2011
Category: Sinhala
Posted by: admin
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය නීතීඥ ඩිලාන් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පසුගිය දා මැදපෙරදිග රටවල් කිහිපයක රැකියා ප්‍රවර්ධන වැඩසටහනක නිරත විය සෞදි අරාබිය, කටාර්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල මෙම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, අබුඩාබි නගරයේ හිල්ටන් හෝටයේදි එරට ව්‍යාපාරික ප්‍රජාව සමග විශේෂ හමුවක් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ හමුව සඳහා එරට කම්කරු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී අමාත්‍යවරයා ව්‍යාපාරික පිරිස ඇමතූ අයුරු හා ඊට සහභාගී වූ ව්‍යාපාරික පිරිස ඡායාරූපයේ වේ.

20110524-publication1.jpg
Category: Sinhala
Posted by: admin
ප්‍රියදර්ශන ලියනගේ, ඩබ්ලිව්. ඒ. ජගත් - කුරුඳුවත්ත


ත්‍රස්‌තවාදය මාතෘභූමියෙන් සදහටම අතුගා දැමීම සඳහා විශ්‍රාමයන තුරුම ජීවිත පරිත්‍යාගයෙන් කැපවී ක්‍රියාකර ඉරාකයේ පුද්ගලික ආයතනයක රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික රණවිරුවන් 41 දෙනෙක්‌ වැටුප් නොමැතිව මාස දාසයක්‌ තිස්‌සේ දුක්‌ විඳිමින් සිටින බව ප්‍රකාශ වේ.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාක තානාපති කාර්යාලයේ අවසරය ඇතිව නිත්‍යානුකූලව වීසා ලබාගෙන මෙම පිරිස 2009 අගෝස්‌තු මාසයේදී ඉරාකයට ගොස්‌ ඇත.

මොවුන් ඉරාකයට ගොස්‌ ඇත්තේ ඉරාක රජයේ නිවාස හා ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙකු යටතේ වූ ආයතනයක අරක්‍ෂක රාජකාරි සඳහායි. මෙම රණවිරුවන් පිරිස මේ වනවිට මාස විස්‌සක්‌ අදාළ කොන්ත්‍රාත්කරු යටතේ ආරක්‍ෂක රාජකාරි කටයුතුවල නිරත වී ඇත. නමුත් ඔවුන්ට වැටුප් ගෙවා ඇත්තේ මාස විස්‌සෙන් මාස හතරකට පමණි.

මේ නිසා මෙම රණවිරුවන් පිරිස අද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඉරාකයේ අමරා සහ බැග්ඩෑඩ් යන නගර දෙක තුළ සිරවී සිටිති. අමරාහි සිටින පිරිසට නිසි පරිදි කෑම බීම සහ අනෙකුත් පහසුකම් නැකි බවද වාර්තාවේ.

මේ පිළිබඳ 'දිවයිනට' අදහස්‌ දැක්‌වූ සුමතිපාල මහතා - මගේ පුතා උතුරු නැගෙනහිර ක්‍රියාන්විත හමුදා රාජකාරිවල විශ්‍රාම යන තුරුම නිරත වී සිට ඉන් අනතුරුව සහෝදර රණවිරුවන් 40 දෙනෙක්‌ සමග ඉරාකයේ රැකියාවකට 2009 වර්ෂයේ අගෝස්‌තු මාසයේ පිටත්ව ගියා.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාක තානාපති කාර්යාලයේ අවසරය ඇතිවයි මෙම පිරිස ගියේ. නමුත් මෙම පිරිසට මාස 16 කින් වැටුප් ලබාදීලා නැහැ. මේ පිළිබඳ ඔවුන් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලයටත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ වන තුරුත් ඔවුන්ට සහනයක්‌ ලැබිලා නැහැ. අපි ජනාධිපතිතුමා ගෙනුයි විදේශ ඇමැතිතුමා ගෙනුයි ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නයට වහාම මැදිහත්වී අපේ දරුවන්ට සහනයක්‌ ලබා දෙන ලෙසයි.

පී. ජානකී මහත්මිය - මගේ සැමියා ඉරාකයේ රැකියාවට යනවිට අපි දෙන්නා විවාහවෙලා මාස හතරයි. මගේ දරුවා ලැබුණු ගමන් දරුවගේ මූන බලන්න එනවා කියලයි ගියේ. නමුත් අද මගේ සැමියා සහ සහෝදර රණවිරුවන් ඉරාකයේ තනි වෙලා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සැමියාට ලැබිය යුතු හිඟ වැටුප් ලබාදී කඩිනමින් ඔවුන් ලංකාවට ගෙන්වා දෙන ලෙසයි.

ඉරාක රජයේ නිවාස හා ගොඩනැඟිලි කොන්ත්‍රාත් කරු වැටුප් ඉල්ලූවිට සේවකයන්ට පවසා ඇත්තේ ඉරාක රජයෙන් මුදල් නොලැබුණු නිසා මුදල් ගෙවිය නොහැකි බවයි.

Source: http://www.divaina.com/2011/05/05/news17.html