Archives

You are currently viewing archive for July 2011
Category: Sinhala
Posted by: admin
සෞදි අරාබියේ සේවය කරමින් සිටිය දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මරණය වෙනුවෙන් ලේ වන්දියක් පිරිනැමීමට ඇයගේ හාම්පුතා තීරණය කර ඇත.

ඒ අනුව ඇගේ මරණයට වන්දි වශයෙන් සෞදි රියාල් 50,000ක මුදලක් සහ වසර දෙකක කාලයක් ඇයට නොලැබූ බව පවසන වැටුප් ලෙස සෞදි රියාල් 16,245ක මුදලක්ද ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලබාදීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි. මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි පවනි දේවි සින්නයියා නමැති 36 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව ගෘහ සේවය සඳහා සෞදි අරාබියාවට ගොස් ඇත්තේ පසුගිය 2008 වසරේදීය.

අල් - ජවුෆ් පළාතේ ක්වරායාත් ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී ඇයගේ මළ සිරුර හමුවීමෙන් පසු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය මිනී මැරුමක් බවට පොලීසිය විසින් තහවුරු කරන ගන්නා ලද අතර ඉන් පසුව අදාළ ගෙහිමියා අත්අඩංගුවට ගත්තේය.

මෙය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව පවනි දේවි සින්නයියාගේ පවුලේ ඥාතීන් වෙත අදාළ වන්දි මුදල ගෙවීමට ඝාතකයාගේ පියා එකඟ වූ බව රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

දෙපාර්ශවය අතර ගිවිසුමකට එළඹිමෙන් පසු අදාළ වන්දි මුදල ඊයේ (20) දිනයේදී සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමට නියමිතව තිබිණි.

Source: http://www.dinamina.lk/2011/07/21/_art.asp?fn=n1107213



Category: Sinhala
Posted by: admin
හාලිඇල මැතිවරණ කොට්ඨාසයේ මාර්ග රැසක් ”පුබුදමු වෙල්ලස්ස” ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. හාලිඇල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් මත එම මාර්ග සංවර්ධනය කෙරේ. ව්‍යාපෘතිය යටතේ හාලිඇල මැතිවරණ කොට්ඨාසයේ මාර්ග කි.මී 30ක පමණ ප්‍රමාණයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත අතර ඒ සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන 590 කි. මේ යටතේ ඇටම්පිටිය සිට කැටවල දක්වා මාර්ගය, කිරින්ද නෙළුව සිට බණ්ඩාරවෙල දක්වා මාර්ගය, දෙල්ගොල්ල කදුර සිට ඉලූක කන්දෙගෙදර මාර්ගය, පනංගල කුරුකඬේ හරහා දියඋන්නාව මාර්ගය සහ බදුල්ල එළදළුවත්ත මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරෙන එම මාර්ග ප්‍රවාහන අපහසුතා මගහරවා මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා සුදුසු ලෙස සකස් කෙරෙන අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වසර අවසන් වීමට පෙර නිම කිරිමට නියමිතය.
ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන මාර්ගයන්හි ඉදිකිරීම් කටයුතු පසුගිය දා (ජුලි17. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහාතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

20110720-img_054f.jpg


Category: Sinhala
Posted by: admin
උතුරු නැගෙනහිර සංවර්ධනයත් සමගින් ක්‍රීඩාව දියුණුවට පත් කිරීම පෙරටු කොට ගනිමින් විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් සුවිශේෂී කර්තව්‍යක් සිදුවිණි.

උතුරු නැගෙනහිර පාසල් සදහා අත්පන්දු සහ දැල්පන්දු බෙදා දෙන ලදි. එහි සුවිශේෂී අවස්ථාවන් කිහිපයකි මේ.

20110718-img_0001.jpg

20110718-img_0002.jpg

20110718-img_0003.jpg

20110718-img_0005.jpg

20110718-img_0006.jpg
Category: Sinhala
Posted by: admin
මහජන හිතකාමී නෛතික පසුබිමක විගමනික ශ්‍රමිකයින් වෙනුවෙන් වඩාත් ගුණාත්මක සේවාවන් සැපයීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (ජූලි 09) එම කාර්යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. රාජකාරී කටයුතුවලදී ඇතිවන නීතිමය ගැටලු පිළිබදව විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ ඇති ප්‍රතිපාදන තළින් ලැබී ඇති බලතල පිළිබඳව එහිදී කාර්යාංශයේ ප්‍රාදේශීය හා පළාත් කාර්යාලවල නිළධාරීන් දැනුවත් කෙරිණි.
කාර්යාංශයේ නීති අංශය විසින් ”විගමනික රැකවරණයට නීතියෙන් සවියක්” යන මැයෙන් සංවිධානය කොට තිබූ එම වැඩමුළුව කාර්යාංශයේ එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී සභාපතිවරයා හා එහි ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජේෂ්ඨ අධිනීතීඥ දිලීප පිරීස් මහතා සේවක මහත්ම මහත්මීන් ඇමතූ අයුරු හා ඊට සහභාගී වූ නිළධාරීන් ඡායාරූපයේ වේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නීතිඥ හරිස්චන්ද්‍ර බටගොඩ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ යන මහත්වරුද ඡායාරූපයේ සිටී.

20110713-img_8718.jpg

20110713-img_8819.jpg



Category: Sinhala
Posted by: admin
2011 මංචී ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලිග් වටයේ කාන්තා ජාතික ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය නීතීඥ ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ක්‍රීඩිකාවක් වෙත මුදල් ත්‍යාගයන් ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතාද ඡාරූපයේ සිටී.

20110711-dsc_0425.jpg