Archives

You are currently viewing archive for October 2011
Category: Sinhala
Posted by: admin
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වඩා හොඳ, වඩා සුරක්ෂිත හා වැඩි වැටුප් සහිත නව රැකියා වෙළඳපොල සොය දීමේ “මහින්ද චින්තන”ප්‍රතිපත්තිය තව දුරටත් යථාර්තයක් බවට පත් කරමින්, වසර 2013 සිට වසරකට ඉතාලියට පුහුණු සේවක සේවිකාවන් 3500 ක් බැගින් යැවීමේ ගිවිසුමකට, ඉතාලියේ කම්කරු හා සමාජ සුබසාධන ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍ය මයුරිසියෝ සාකෝනි හා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ රෝමයේ දී අත්සන් තැබීය. දෙරටේ නිළධාරීන් හා ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිළධාරීන් මේ වන විටත්, මෙම ගිවිසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ මීළඟ පියවර පිළිබඳව සාකච්ඡා කරමින් හා අදාළ සැලසුම් සකස් කරමින් සිටී. වසර 2012 මැද භාගයේ සිට ඉතාලි භාෂාව ඉගැන්වීමේ සහ ඉතාලි රැකියා සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමේ පාඨමාලා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටියි.

මෙම ගිවිසුම යටතේ සාත්තු සේවක (Care giver), රියදුරු, ගෘහ පාලක වැනි රැකියා වලට මෙන්ම කෘෂි කේෂ්ත්‍රයට ද පුහුණු ශ්‍රමිකයන් යැවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබේ. ගිවිසුමට යටත්වන සේවක සේවිකාවන්ගේ මුලික වැටුප්, සේවා කොන්දේසි, අතිකාල දීමනා වැනි කරුණු පිළිබඳව දෙරට අතර ඇතිකරගන්නා අවබෝධතා හා ගිවිසුම්, දැනටමත් ඉතාලියේ සිටින, ඇස්තමේන්තු ගත 75,000 ක් පමණ වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට හානි නොවී ඔවුන්ගේ සේවා තත්වය නගා සිටුවීමට ද සෘජුවම බලපානු ඇතැයි, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා බලාපොරොත්තු වෙයි. මෙම ගිවිසුම යටතේ විවෘත වන රැකියා කේෂේත්‍ර හා පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු 2012 අප්‍රේල් මස සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා ගතහැකි බැවින්, ඉතාලි රැකියා ලබා ගැනීම සඳහා අතරමැදියන්ට මුදල් ගෙවීමට හෝ අවදානම් බෝට්ටු ගමන් වැනි ක්‍රම මඟින් ඉතාලියට යාමට උත්සාහ කිරීම අනවශ්‍ය බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂයෙන්ම අවධාරණය කරයි.

20111031-311.jpg

20111031-312.jpg


ඉහත ඡායාරූපවලින් දැක්වෙන්නේ අදාල ගිවිසුම් අත්සන් කිරිමෙන් පසු ඉතාලියේ කම්කරු හා සමාජ සුබසාධන ප්‍රතිපත්ති පිළිබඳ ඉතාලි අමාත්‍ය මයුරිසියෝ සාකෝනි මැතිතුමන් හා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මැතිතුමන් දෙපල විසින් සැමරුම් තිළිණ හුවමාරු කරගත් අවස්ථාවයි.
ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති අසිත පෙරේරා මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න මහතා ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.



Category: Sinhala
Posted by: admin
සයිප්‍රස් මහකොමසාරිස් නෆ්ෂිකා ක්‍රොයිස්ටි (Nafsika Krousti) මහත්මිය හා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතර හමුවක් අද (ඔක් 06) අමාත්‍ය නිල නිවසේ දී සිදුවිය. එහිදී දෙරටේ ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු ගණනාවක් සාකච්ඡා වී ඇති අතර සයිප්‍රස්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය ඉහළ නැංවීම හා සයිප්‍රස් රාජ්‍යයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් මෙරටට ලබාගැනීම කෙරෙහි ද දෙදෙනා අතර පැවති සාකච්ජාවේදී විශේෂ අවධානය යොමුවී තිබේ. සාකච්ජාවෙන් අනතුරුව අමාත්‍යවරයා හා මහකොමසාරිස්වරිය ද්වීපාර්ශවීය සුහදතාව පළකළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

20111006-img_2581.jpg

20111006-img_2617.jpg



Category: Sinhala
Posted by: admin
මෙරටට පැමිණ සිටින සයිප්‍රස්හි ශ්‍රී ලංකා කොන්සල් පෙයර්ස් පේරි (Pieris Pieri) මහතා හා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතර හමුවක් ඊයේ (ඔක් 01) මහබැංකු ගොඩනැගිල්ලේ පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශයේදී සිදුවිය. සයිප්‍රස්හි වෙසෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය ඉහළ නැංවීම හා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් මෙරටට ලබාගැනීම කෙරෙහි දෙදෙනා අතර පැවති සාකච්ජාවේදී අවධානය යොමුවී තිබේ. සාකච්ජාවෙන් අනතුරුව අමාත්‍යවරයා හා කොන්සල්වරයා දෙපාර්ශවීය සහදතාව පළකළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

20111004-img_23581.jpg