Archives

You are currently viewing archive for February 2012
Category: Sinhala
Posted by: admin
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉරාකයේ පවතින රැකියා අවස්ථා උදාකිරීමේ අරමුණින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා ඇතුලූ නියෝජිත පිරිසක් මේ දිනවල ඉරාකයේ සංචාරයක නිරතව සිටී.

අමාත්‍යවරයා ඇතුලූ එම නියෝජිත පිරිස හා ඉරාකයේ කම්කරු හා සමාජ සේවා අමාත්‍ය නසාර් අල් අබා මහතා අතර විශේෂ හමුවක් ඊයේ (පෙ.බ 22) සිදු විය. එහිදී ඉරාකයේ හෝටල් ක්‍ෂේත්‍රය හා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව හා එම රැකියා ආශ්‍රිත පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලාංකිකයන් එරටට යැවීම පිළිබඳ කරුණු සාකච්ඡා වී තිබේ. අනතුරුව ඊට අදාළව මූලික ද්වීපාර්ෂවීය අවබෝධතා ගිවිසුමක් ද අමාත්‍යවරුන් විසින් අත්සන් තැබිණි. පැවති සාකච්ඡා අවස්ථාවට එරට කම්කරු හා සමාජ සේවා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය අබ්දූල් සබ් ශිනාවා ෆුහාඩ්, කම්කරු හා සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය ධාරා හසාන් රෂිඞ් යන අමාත්‍යවරුද සහභාගී සිටියහ. අමාත්‍යවරුන් දෙපළ ද්වීපාර්ෂවීය එකඟතා සහිත මුලික අවබෝධතා ගිවිසුම් අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධක්ෂ එම්.ඒ.එම් අහමඞ් යන මහත්වරුද මෙහි වෙති.

20120224-hon.jpg



Category: Sinhala
Posted by: admin
ගෝතමාලාවේ නිල සංචාරක නියුතු විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හා එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අයිවන් එස්පිනෝසියා මහතා අතර හමුවක් ඊයේ (පෙබ 09) සිදුවිය.
මෙරට අමාත්‍යවරයෙක් එරට නිල සංචාරයක නියුතු වූ පළමු අවස්ථාව මෙය වන අතර ඒ හේතුවෙන් එම හමුව ඓතිහාසික හමුවක් විය. අමාත්‍යවරයන් දෙදෙනා හමුවී එකිනෙකාට සිය සුහදතාවය පළකළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

20120210-dsc0808.jpg



Category: Sinhala
Posted by: admin
බදුල්ල හාලි ඇල ආසනයට අයත් සියලූම පාසල්වල ඉගෙනුම ලබන 16000ක් පමණ වන දූ දරුවන් වෙත නොමිලයේ අභ්‍යාස පොත් කට්ටල ලබා දීම හා පළමු වසරේ අධ්‍යාපනය ලබන දරු දැරියන් වෙත පාසල් නිල ඇදුම් ලබාදීමේ වැඩසටහනක් පසුගිය දිනවල හාලි ඇල කොට්ඨාසයට පාසල් කේන්ද්‍රකොට ගෙන පැවැත්විණි.

වාර්ෂිකව ඩිලාන් පෙරේරා සහයෝගීතා පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහනකට අනුව මෙවර ද එම ප්‍රදානය සිදු කෙරුණි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා උඩුවර මහ විදුහලේ ප්‍රාථමික අංශයේ දරුවන් පිරිසකට පාසල් පොත් කට්ටල හා නිල ඇඳුම් ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම පාසලේ විදුහල්පතිනී පී. වී. එම්. වයි උඩෝවිට මහත්මිය හා ඌව පළාත්සභා මන්ත්‍රීවරුන් වන නිළමේ වික්‍රමරත්න, නිමල් රත්නායක යන මහත්වරුන්ද ඡයාරූපයේ වෙති.

20120208-children.jpg