Archives

You are currently viewing archive for June 2011
Category: Sinhala
Posted by: admin
2010-2011 වසර සදහා සයිප්‍රස් රාජ්‍යයේ රැකියාවලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලත්, බලපත්‍රලාභි විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ විශේෂ හමුවක් පසුගියදා කාර්යාංශයේදී, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. දැනට වසරකට 2500 ක් පමණ රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙන අතර එය ඉදිරියේදී දෙගුණයකින් වැඩිකරගැනීම අමාත්‍යතුමාගේ ඉලක්කයක් වී තිබේ. මේ සදහා ගතයුතු ක්‍රියාමාර්ගද සාකච්ඡාවට ගැනිණ.

මෙහිදී සයිප්‍රස් රැකියා වැඩිකර ගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සහ සයිප්‍රස් රාජ්‍යයට ශ්‍රමිකයන් යැවීමේදී විදේශ රැකියා නියෝජිත හිමියන් දැනට මුහුණ දෙන ගැටළු පිළිබදව දීර්ග වශයෙන් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක, සාමාන්‍යාධිකාරී, H බටගොඩ, ක්‍රියාකාරි අධ්‍යක්ෂක නලීන් තරංග ගම්ලත්, විදේශ රැකියා පුද්ගලික සමාගමේ සභාපති අසංක අබේගුණසේකර යන මහත්වරුන් ඇතුළු රැකියා ඒජන්සි ආයතන 20ක නිලධාරින්ද සහභාගී වුහ. රැකියා නියෝජිතායතන හිමියන් ඇතුලූ නියෝජිතයන් ඇමතිතුමන් සමඟ සාකච්ඡාවට සහභාගී විය.

20110630-img_6487.jpg

20110630-img_6488_.jpg

20110630-img_6488.jpg




Category: Sinhala
Posted by: admin
2018 දී පැවැත්වීමට යෝජිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය සුදුසුදැයි බැලීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රධාන සංවිධායක මයික් හූපර් මහතා ඇතුලූ නියෝජිතයින් පිරිසක් 2011-06-28 දින හම්බන්තොට නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය. ඒ අවස්ථාවේදී ප්‍රථම දකුණු ආසියානූ වෙරළ ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සුදානම් කරමින් පවතින හම්බන්තොට වෙරළ ක්‍රීඩාංගනය නිරීක්‍ෂණය කිරීම සදහා පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිත පිරිස ප්‍රථම දකුණු ආසියානූ වෙරළ ක්‍රීඩා සංවිධායක කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය නීතීඥ ඩිලාන් පෙරේරා මහතා විසින් පිළිගත් අවස්ථාව ඡායාරූපයේ වේ.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජිත පිරිස සමඟ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සංවිධායක කමිටුවේ සභාපති අජිත් නිවාඞ් කබ්රාල්, ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ.

20110629-img_7467.jpg

20110629-img_7472.jpg

20110629-img_7482.jpg




Category: Sinhala
Posted by: admin
- ඇමරිකා වාර්තාවක්‌ කියයි
කීර්ති වර්ණකුලසූරිය

ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන්ගෙන් 1/3 ක්‌ තම හාම්පුතුන්ගේ ශාරීරික හිංසාවලටද සියයට 11 ක්‌ ලිංගික අතවරවලට හා සියයට 60 ක්‌ වැටුප් නොලබන බවත් 2011 වසරේ ඇමරිකානු විමර්ශන වාර්තාවක්‌ විසින් අනාවරණය කර ඇත.

මේ වාර්තාවේ මෙසේද සඳහන් කර තිබේ(

"සියයට 60 ක ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන්ගේ ගමන් බලපත්‍ර තහනමකට ලක්‌ කර ඇත. තවත් සියයට 80 ක්‌ බලහත්කාරයෙන් සේවයේ යොදවා තිබේ. සමහර රැකියා ආයතන වංචනික ක්‍රියාවලියේ යෙදී සිටී.

රැකියා සඳහා පැමිණීමෙන් පසු කොන්දේසි සියල්ල වෙනස්‌ කෙරේ. සිංගප්පූරුවට පැමිණි කාන්තාවන් ගණිකා නිවාසවල සේවය කිරීමටද යොදවා ඇත.

බලහත්කාරයෙන් කම්කරු රැකියාවල යෙදීමේ සිද්ධීන් රැසක්‌ ද වාර්තා වී තිබේ.

Source: http://www.divaina.com/2011/06/29/news16.html
Category: Sinhala
Posted by: admin
සෞදි අරාබියාවේ දී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් නිදහස් කර ගැනීමේ සටන කිසි විටෙකත් අත් නොහරින බව රජය අවධාරණය කරයි. ඇයගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන බව පවසමින් ඇතැම් මාධ්‍ය ආයතන විවිධ ප්‍රචාරයන් ගෙන යාම හේතුවෙන් ඇයව නිදහස් කර ගැනීමට ඇති හැකියාව අහිමි විය හැකි බවත්, මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ සෞදි අරාබියාවේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට නියම වී තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන බවට මාධ්‍ය මඟින් පළවූ වාර්තාව සම්බන්ධයෙන් “දිනමිණ” ට විශේෂ ප්‍රකාශයක් කරමිනි. සෞදි අරාබියාවේ ගෘහ සේවය කළ රිසානා නෆීක් නැමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව අතින් ඇය සේවය කළ නිවෙසේ කුඩා බිලිඳකු මරණයට පත් වීමේ චෝදනාවට වරදකරු කරමින් එරට අධිකරණයක් මඟින් ඇයට මරණ දඬුවම නියම කරනු ලැබීය.

කෙසේ වුවද එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තාවකාලිකව අත්හිටුවා තිබෙන බව ද ඇයව නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක් ම මේ වන විටත් ගෙන තිබෙන බව ද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. ඊට අමතරව ඒ මහතා පෙන්වා දෙන්නේ මේ නඩු තීන්දුව කලකට පෙර ලබා දුන් එකක් බවත් ඒ සම්බන්ධයෙන් යළි යළිත් ප්‍රචාරයන් ගෙන යාමෙන් සෞදි අරාබියානු ජන සමාජය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව වැරැදි මතයක් ගොඩනැඟෙන බවත්ය.

Source: http://www.dinamina.lk/2011/06/29/_art.asp?fn=n1106295
Category: Sinhala
Posted by: admin
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය

සෞදි අරාබියාවේ දී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් නිදහස් කර ගැනීමේ සටන කිසි විටෙකත් අත් නොහරින බව රජය අවධාරණය කරයි. ඇයගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන බව පවසමින් ඇතැම් මාධ්‍ය ආයතන විවිධ ප්‍රචාරයන් ගෙන යාම හේතුවෙන් ඇයව නිදහස් කර ගැනීමට ඇති හැකියාව අහිමි විය හැකි බවත්, මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ සෞදි අරාබියාවේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට නියම වී තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන බවට මාධ්‍ය මඟින් පළවූ වාර්තාව සම්බන්ධයෙන් “දිනමිණ” ට විශේෂ ප්‍රකාශයක් කරමිනි. සෞදි අරාබියාවේ ගෘහ සේවය කළ රිසානා නෆීක් නැමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව අතින් ඇය සේවය කළ නිවෙසේ කුඩා බිලිඳකු මරණයට පත් වීමේ චෝදනාවට වරදකරු කරමින් එරට අධිකරණයක් මඟින් ඇයට මරණ දඬුවම නියම කරනු ලැබීය.

කෙසේ වුවද එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තාවකාලිකව අත්හිටුවා තිබෙන බව ද ඇයව නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක් ම මේ වන විටත් ගෙන තිබෙන බව ද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. ඊට අමතරව ඒ මහතා පෙන්වා දෙන්නේ මේ නඩු තීන්දුව කලකට පෙර ලබා දුන් එකක් බවත් ඒ සම්බන්ධයෙන් යළි යළිත් ප්‍රචාරයන් ගෙන යාමෙන් සෞදි අරාබියානු ජන සමාජය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව වැරැදි මතයක් ගොඩනැඟෙන බවත්ය.

Source: http://www.divaina.com/2011/06/29/news27.html
Category: Sinhala
Posted by: admin
ඩිලාන් පෙරේරා සහයෝගිතා පදනම විසින් සංවිධානය කරන ලද බදුල්ල දිස්ත්‍රික්කය පුරා පිහිටි ස්වේඡ්ජා සංවිධානවලට පුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය දා බදුල්ල වෑපස්සාවෙල මහා විද්‍යාලයේදී බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා කාන්තා සමිතියක නියෝජිතවරියකට පුටුවක් ප්‍රදානය කල අයුරු ඡායාරූපයේ දැක්වේ.

20110623-0d3.jpg
Category: Sinhala
Posted by: admin
ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අදහසක් අනුව ක්‍රියාත්මක වන කාල්ටන් සුව උදාන වැඩසටහන යටතේ, හාලි ඇල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ වෛද්‍ය සායනයක් පසුගියදා, බදුල්ල වෑපස්සාවෙල මහා විදුහල් පරිශ්‍රයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ගැබිණි මවකට පෝෂණ ආහාර ද්‍රව්‍ය අඩංගු කූඩයක් ප්‍රදානය කල අයුරු ඡායාරූපයේ දැක්වේ.

20110623-0c2.jpg

20110623-img_9541.jpg
Category: Sinhala
Posted by: admin
2011 ඔක්තෝබර් 08 වැනිදා සිට 16 වැනිදා දක්වා හම්බන්තොට වෙරළතීරයේ පැවැත්වෙන පළමු දකුණූ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා සකස් කෙරෙන වෙරළ ක්‍රීඩා පිටි පසුගිය දා (ජුනි11) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.

මංගල දකුණූ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා තෝරාගෙන ඇති හම්බන්තොට නගරාසන්න වෙරළේ අක්කර 16ක භූමිභාගයක මෙම ක්‍රීඩාපිටි සකස් කෙරෙන අතර එයට පුහුණු ක්‍රීඩා පිටි 4 ක් හා ප්‍රධාන ක්‍රීඩාපිටි 4ක් ඇතුළත් වේ. සාක් කලාපීය රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති අතර ක්‍රීඩා පිටිවල මූලික බිම් සකස් කිරීම මේ වන සිදු කෙරෙමින් පවතී. අමාත්‍යවරයා ඉඳිකෙරෙමින් පවතින ක්‍රීඩා පිටිවල බිම් සැකැස්ම හා වෙරළ තීරය සිය නිරීක්ෂණයට ලක්කළ අයුරු ඡායාරූපවල දැක්වේ. නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීහු පිරිසක් හා ක්‍රීඩා සම්මේලනයේ නියෝජිත පිරිසක්ද මෙහි වෙති.

20110613-img_5623.jpg

20110613-img_5628.jpg

20110613-img_5661.jpg

20110613-img_5716.jpg
Category: Sinhala
Posted by: admin
අරුණි රණසිංහ

20110610-img_0039.jpg

20110610-img_5123.jpg


ඉන්දියාවේ ස්ථාපිත වූ බුදු දහම ලොව පුරා ප්‍රචලිත කරවීමට අශෝක අධිරාජ්‍යයා සුවිශේෂී වූ උත්සාහයක් ගන්නා ලදී. ආසියාවේ පමණක් නොවන මැද පෙරදිග රටවල පවා බුදු දහම ප්‍රචලිත කරවන ලදී. කෙසේ හෝ වර්තමානය වන විට බුදු දහම ශ්‍රී ලංකාව තුළ ඉතා ප්‍රබල ලෙස ස්ථාපිත විය. එපමණක් නොව බුදු දහම බෙදා දීමේ මූලස්ථානය බවට පත්වූයේ ද ශ්‍රී ලංකාවයි. 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය පෙරදැරිව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ මගපෙන්වීමෙන් සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමන්ගේ මූලිකත්වයෙන් විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත ලබාදීමට පිළිම වහන්සේ වැඩම කරවීම උත්සවාකාරයෙන් සිදුවිය. ජුනි මස 8 වැනි දින පෙරවරු 7 ට රිය පෙරහැරකින් මාතර සිට නිදහස් චතුරස්‍රය වෙත වැඩම කොට එදින රාත්‍රී සිට පසුදා පහන් වන තුරු පිරිත් සජ්ඣායනය කරන ලදී. එහි මූලික අදියර වශයෙන් දැනට තානාපති කාර්යාල 10 ක බුදු මැදුරු පිහිටුවා ඇති අතර ඒ සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි. එම වැඩපිළිවෙළේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමායි.


20110610-img_5140.jpg

20110610-img_5271.jpg

20110610-img_5314.jpg

20110610-img_5337.jpg
Category: Sinhala
Posted by: admin
විවිධ ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධ අහිංසකයන් මරා දමා තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය වූ බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළේද ජනතා විමුක්ති පෙරමුණ බව ඒ මහතා පවසයි. විදේශ රැකියාවන්හි නියුතු වූවන් සිටින ස්ථාන වෙත ගොස් ගැටුම් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව කී ඇමැතිවරයා එවැනි ස්ථානයන්හි ගැටලුකාරී තත්ත්වයක් ඇති කිරීමට රජය ක්‍රියා නොකළ බවද කීය.

ඇමැති ඩිලාන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඔලිම්පික් නිවහනේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. කටුනායක උද්ඝෝෂණයත් රොෂේන් ෂානකගේ මරණයත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මේ හමුව පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පටු දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට කටයුතු කරන අවස්ථාවක රටේ ආර්ථිකයට ශක්තිය දෙන විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට යෝජනා කිරීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පිරිනමන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇති වූ සිද්ධිය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා විරෝධතා පැවති ස්ථානයට ආයුධ රැගෙන යාමට කිසිවකුගේ අවසර ලැබී නැති බවද කීය. එවැනි අවසරයක් නොලැබුණු තත්ත්වයක් තුළ ආයුධ රැගෙන යාමේ වගකීම බාර ගනිමින් පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඉල්ලා අස්වූ බවද කීය. මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශයේ සාමාජිකයන් මරා දැමීමට ඔවුන් පාවා දුන් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය උසස්වීමක් ලබා දෙමින් පොලිස් අධිකාරී තනතුරට පත් කළ බවත් උසාවියෙන් නියෝග කළ දඩ මුදල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ගෙවා දැමූ බවත් සිහිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ හැම විටම ක්‍රියා කළේ පුද්ගලයින් මරා ලේ තවරාගෙන තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටය. කටුනායක සිදුවීමේදී ඔවුන්ට අවශ්‍ය පරිදි සියල්ල පොලිසිය ඉටු කර දුන් බවද පෙරේරා මහතා කීය. කටුනායක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කී ඒ මහතා තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන බවද ඒ මහතා කීය. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබා දී ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය නවතා දැමීමට කටයුතු නොකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය. අමාත්‍යාංශ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

Source: http://www.dinamina.lk/2011/06/03/_art.asp?fn=n1106037