බදුල්ල දිස්ත්‍රික්කයේ විදේශ රැකියා වල නියුතු පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන පරිගණක මධ්‍යස්ථානයක් අද පෙරවරුවේ (සැප්. 18 දින) විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් බදුල්ල නගරයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේ දී විවෘත කෙරිණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මයික්‍රෝසෝෆ්ට් ආයතනය හා ශ්‍රී ලංකා මත්දව්‍ය විරෝධි සංගමය සමග එක්ව විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් සතු පරිගණක දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට අනුව මෙම මධ්‍යස්ථානය ඉදිකොට තිබේ.

අමාත්‍යවරයා පරිගණක මධ්‍යදස්ථානය විවෘත කළ ආකාරය හා ඉන් අනතුරුව වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයෙන් විදේශගතව ජෝර්දානයේ සේවය කරන බි. කේ. සජීවා නම් ගෘහ සේවිකාවක සිය සැමියා හා දරුවන් සමග එහිදි අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ වූ අවස්ථාව ඡායාරුපයෙන් දැක්වේ. එම අවස්ථාවට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ඒ. කේ. යු. රෝහණ යන මහත්වරු ද මෙහි වෙති.

20110919-02lab.jpg

20110919-01lab.jpg