මෙරට ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා අවස්ථා ඉහළ නංවාගැනීමේ අරමුණින් හා එරට රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගියදා එරට සංචාරයක නිරත වූහ. සංචාරය අතරතුර දකුණු කොරියාවේ බූසාන් නගරයේ පිහිටි හයිහුන්ඩායි (Hyundai) නාවික යාත්‍රා නිෂ්පාදන ආයතනය වෙත ගිය අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සේවය කරන 300කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හමුවුහ. අනතුරුව ලෝකයේ ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් වූ එම කර්මාන්තායතනයට මෙරට ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව එහි පාලනාධිකාරය සමග අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වූ අතර එහිදි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් වැඩි වශයෙන් සිය කර්මාන්ත ආයතනයට ඉදිරියේදී බඳවා ගැනීමට ඔවුන් එකඟතාවය පලකොට තිබේ.
අමාත්‍යවරයා ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් හමුවු අවස්ථාව හා ආයතන ප්‍රධානීන් සමග එම කර්මාන්ත ආයතනය නිරික්‍ෂණය කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නිතිඥ කිංස්ලි රණවක මහතා ද සංචාරයට එක්ව සිටියේය.

20110922-kor1.jpg

20110922-kor2.jpg