ඇමති ඩිලාන් බදුල්ලේදී කියයි


”දකුණු පළාතේ හම්බන්තොට අලූතින් දැවැන්ත වරායක් ඉදිවෙලා. ඒ වගේම මත්තලට ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් ලැබිලා. රටම සංවර්ධනය කරා ගෙනයන මේ යෝධ ව්‍යාපෘති ඌවටත් දකුණටත් ගෙන බැලූවම හරියට එළදෙනකගේ ඔලූව හා පිටුපස්ස වගේ. බැලූ බැල්මට පේන්නේ එළදෙනගේ ඔලූව, මේ එළදෙනගේ ඔලූව හම්බන්තොට තිබුණත් පිටුපස්ස තියෙන්නේ ඌවෙයි. මේ මහා ව්‍යාපෘති වලින් රටම ප‍්‍රතිලාභ ලබන කොට ඒ එළදෙනගේ කිරි ටික ගොමටික ලැබෙන්නේ මා නියෝජනය කරන ඌව පළාතටයි.


විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළකළේ පසුගිය දා හාලි ඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. වෘත්තීය පුහුණු සහිත ශ‍්‍රමිකයින් සඳහා ජාත්‍යන්තර මට්ටමින් ඇති රැකියා අවස්ථා සඳහා මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ තරුණියන් යොමු කිරීම යන මැයෙන් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහනට ග‍්‍රාම නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරීන් ඇතුලූ ප‍්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී වී සිටියහ. එම පිරිස අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා


”හම්බන්තොට ඉදිවන වරායෙන් රටට ගොඩයන්න නැව් වලට වතුරත්, එළවළුත්, තෙලූත්් දුනන්නම ඇති. ඒවායෙන් හොඳ එළවළු දෙන්න පුළුවන් කම තියෙන්නේ අපේ පළාතටයි. පිරිසිදු වතුර දෙන්න අපේ පළාතට පුළුවන්. මත්තල ගුවන්තොටුපොළ ඉදිවූ විට මත්තලට එන සුද්දෝ හම්බන්තොට ලූණු ලේවාය බලලා දිය ඇලි බලන්න, රජමහා විහාර දකින්න, බදුන් වැඩි තැන් දැකගන්න එන්නේ මේ පළාතටයි. විශේෂයෙන්ම
විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශය හැටියට වැඩි රැකියා අවස්ථා ලබමින් විදේශ රැකියාවලට ශ‍්‍රමිකයින් වැඩිම ප‍්‍රමාණයක් පිටත්කර හැරීමට එම ව්‍යාපෘති මගින් අපට අවස්ථාව හිමිවෙනවා. මේකයි ඌව පළාතේ සංවර්ධනයේ පෙරදැක්ම. මේ සංවර්ධනය

වෙනුවෙන් රාජ්‍ය නිළධාරීන් වන ඔබගේ පූර්ව සුදානම හා අවංක කැපවීම අද මේ රට ඉල්ලා සිටින බව ඔබ අවධාරණය කරගත යුතුයි. අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල අනුව මෙරටේ සංවර්ධනයේ පදනම වන්නේ ගමයි. ගම නැගුම, මග නැගුම, ජාතික සවිය, දිවි නැගුම ආදී ව්‍යාපෘති ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් දියත් කරන අතර, මහා පරිමාණ ව්‍යාපෘති සියල්ලකම ප‍්‍රතිලාභ ගමට ගෙනෙන සංවර්ධන වැඩපිළිවෙලකුයි සන්ධාන රජය ක‍්‍රියාත්මක කරමින් ඉන්නේ. එදා කිව්ව කොළඹට කිරි ගමට කැකිරි තේමාව අදට වලංගු නෑ.” යි පැවසූ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා රට රැකියා ක්ෂ්ත‍්‍රයේ ග‍්‍රාමීයව ඉදිරිරිගාමී වැඩපිළිවෙළක් දක්වා ප‍්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය එම නිලධාරීට අවධාරණය කළේය.

”විදේශ රැකියා ක්‍ෂේත‍්‍රය ගත්තත් එහි ප‍්‍රවර්ධනය සිදුවන්නේ ගම මුල්කර ගනිමින්. ග‍්‍රාමීය මට්ටමින් එක් ග‍්‍රාම සේවා වසමකින් තරුණයින් දස දෙනකු වෘත්තීය පුහුණුවක් සහිතව හොඳ වැටුපකට විදේශ රැකියාවන් වෙත යැවීමට අපට හැකි නම් එය රටේ ආර්ථිකයට විශාල ශක්තියක්. අපේ ප‍්‍රදේශයේ එක් වසමකින් තරුණ තරුණියන් කිහිපදෙනෙක් හොඳ මට්ටමේ විදේශ රැකියාවකට යැවුවොත් ඒ වසමට මාසිකව විශාල මුදලක් ගලා එනවා. ඒ මුදල ගම පුරා සංසරණය වෙනවා. ග‍්‍රාමීය ජනයාගේ අතමිට මුදල් ඇති නිසා ඔවුන්ට මිලදී ගැනීමට ඇති හැකියාව, ක‍්‍රය ශක්තිය වැඩි වෙනවා. මෙවැනි විදේශ රැකියාවන් එම ප‍්‍රදේශයන්ට ලබාදී ග‍්‍රාමීය ජනයාගේ ජීවන මට්ටම ඉහළ නැංවීමයි අපේ අරමුණ. රාජ්‍ය නිළධාරීන් ලෙස ඔබට මෙහි දී විශේෂ වගකීමක් පැවරෙනවා. විගමනිකයින් පිළිබඳ ගම් මට්ටමින් හොඳින්ම දන්නේ ඔබ, මව්වරු විදේශගතවූ පවුල් ගැන, පියවරු විදේශගතවූ පවුල් ගැන හොදින්ම දන්නේ ඔබ. ඔවුන්ගේ සමාජ ආරක්‍ෂාව තහවුරු කිරීම සුබසාධනය සැලසීම හා ඔවුන්ට අවශ්‍ය මානසික උපදේශනය ලබාදීම ඔබට ඔබගේ රාජකාරිය තුළ කළ හැකි කාර්යයක්. ග‍්‍රාමීය ජනතාවට සමීපම නිළධාරීන් වන ඔබ මේ ක්‍ෂෙත‍්‍රයට දක්වන දායකත්වයට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමනික දු දරුවන් වෙත ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන්, විගමනිකයින් වෙනුවෙන් තනාදෙන නිවාස ව්‍යාපෘති ආදි බොහෝ සුබ සාධන කාර්යයන්ට වඩා වැඩි යමක් සමාජයට සිදු කළහැකිය යන්න මගේ හැඟිමයි. යනුවෙන් පැවසීය

මෙම අවස්ථාවට ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක‍්‍රියාකාරී අධක්‍ෂ තරංග නලීන් ගම්ලත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කිර්ති මුතුකුමාරණ යන මහත්වරුන් ඇතුලූ කාර්යාංශයේ ඉහළ නිළධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.