බම්බලපිටියේදී සැකකරු දැලේ

මහින්ද අලුත්ගෙදර

ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් මිලියන ගණනක මුදල් වංචා කළ පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලීසිය සමත්ව ඇත. තඹුත්තේගම පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී අදාළ සැකකරු අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් පෙරේරා මහතා පැවසීය.

විවිධ නම්වලින් පෙනී සිට ඇති මේ පුද්ගලයා විශාල පිරිසකගෙන් මුදල් වංචා කර තිබෙන අතර ඔහු සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසියටද පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

නීති විරෝධී ලෙස වීසා සකස් කරමින් පුද්ගලයන් ඉතාලියට යැවීමට මේ සැකකරු කටයුතු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.