ලක්‍ෂ 17ක් වූ රටවිරුවන්ට කාර්ය මණ්ඩලය ඉන්නේ 1000ක් විතරයි...
ඔවුන්ගේ සේවය අගය කරනවා...
කාර්යාංශ කාර්ය මණ්ඩලයට ප‍්‍රවාහන පහසුකම් ලබා දෙමින්
ඇමති ඩිලාන් අවධාරණය කරයි...

ලක්‍ෂ 17ක් පමණ වු විදේශ ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් සියලූ කටයුතු කිරීමට ඉන්නේ දාහක් තරම් වූ සේවක පිරිසක් පමණක් බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි. එහෙත් ඒ සුළු පිරිස රටවිරුවන් වෙනුවෙන් උපරිම සේවය ලබාදෙන බව ඇමතිවරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්ය මණ්ඩලයට ප‍්‍රවාහන පහසුකම් ලබා දීම සඳහා අළුතින් බස්රථ සේවාවක් ආරම්භ කරමිනි. කාර්යාංශයේ සේවක සුභසාධක සංගමය ම`ගින් මිළදී ගෙන තිබෙන නව බස් රථ 4ක් මේ සඳහා යොදා ගෙන තිබෙන අතර එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 180 කි. මෙම බස් රථ කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය සඳහා රත්නපුර, මතුගම, හොරණ හා නිට්ටඹුව ගමනාන්ත සඳහා දිනපතා උදැසන හා සවස යෙදවේ.
මෙහිදී අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ කාර්යාංශ සේවක මණ්ඩලය ලක්‍ෂ 17ක් පමණ වූ එතෙර රැකියා ලාභීන් හා මෙරට වෙසෙන ලක්‍ෂ 60ක් පමණ වූ පිරිස වෙනුවෙන් සේවය කිරීමට තමන්හට විශාල සහයක් ලබා දෙන බවයි. එම නිසා ඔවුන් වෙනුවෙන් සියලූම පහසුකම් සැපයීම සඳහා කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය. ඒ අනුව නිළධාරීන්ට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සඳහා සේවක සුභසාධක සංගමය හරහා අළුතින් බස්රථ 4ක් ලබා දීමට කටයුතු කළ බවත් එහිදී විවිධ පිරිස් එයට විරුද්ධව කටයුතු කළද සේවකයින් වෙනුවෙන් නොසැලී කි‍්‍රයාකල බවද සඳහන් කළේය.
මෙහිදී නව බස්රථවල යතුරු නිල වශයෙන් කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතාට භාර දුන් අයුරු හා පීත්තපටිය කපා බස් රථයට ගොඩවූ අයුරු ඡායාරූපවල දැක්වේ. එම අවස්ථාවට කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (පරිපාලන) සුසිල් රණසිංහ, සාමාන්‍යාධිකාරී හරිස්චන්ද්‍ර බටගොඩ මහත්වරුන් හා කාර්යාංශ සේවක පිරිසද එක්වී සිටියහ.

20131017-00222.jpg

20131017-0221456.jpg