ආගමට මුවාවෙන් අන්තවාදින් උම්බෑ කිව්වට, අපි බුරන්නේ නෑ...
83 අන්තවාදී කළු ජූලිය නැවත ඇති කරන්න එපා...
මුස්ලිම් ප‍්‍රජාවත් අපි සමඟයි...
ඩිලාන්ගෙන් බදුල්ලට සර්ව ආගමික බලසේනාවක්...


ආගමට මුවා වී අන්තවාදීන් ලෙස හැසිරෙමින් රටක් විනාශ කිරීමට කිසිම බලසේනාවකට ඉඩ ලබානොදෙන බවත්, එවැනි අන්තවාදීන්ට හොඳම පාඩම බදුල්ලෙන් උගන්වන බවත්, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි. ” ඕනෑම ආගමක බලසේනා බලන්න බදුල්ලට එන්න ඕනි. ආගමික සහජීවනය අපේ රටේ නෑ කියන්නෙ කවුද... බොදුබල සේනා, කතෝලික බල සේනා, ඉස්ලාම් බල සේනා, හින්දු බල සේනා බලන්න ඕනි නම් බදුල්ලට එන්න.. මේ අය තමයි නියම මනුෂ්‍යත්වයේ බල සේනාවන්.” යයිද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, බදුල්ල වීල්ස් පාර්ක් කි‍්‍රඩාංගනයේදී පැවති ඉෆ්තාර් උත්සවයට එක් වෙමිනි.
මෙම උත්සවය හාලිඇල මුස්ලිම් නොවන ජනතාව සංවිධානය කර තිබීම විශේෂත්වයකි. සියළුම ආගම් නියෝජනය කරමින්, මෙම අවස්ථාවට ආගමික නායකයින්ද එක්වී සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ”එකිනෙකාට ගරු කරමින්, තමන්ගේ ආගම නිවැරදිව අනුගමනය කරන අය තමයි ඉෆ්තාර් උත්සවයට එක්වෙන්නේ. අපි දන්නවා ජූලි මාසේ 23 කාලකන්නි දවසක්. එදා කළු ජූලිය ඇතිවුනේ, ආගමික අන්තවාදීන් නිසායි. එවැනි අන්තවාදී ගැටුම් යලි ඇතිවෙන්න අපි ඉඩ නොදී ඉන්න උත්සහ කරන්න ඕනි. අපි සියළු දෙනා මේ රටේ මිනිසුන් ලෙස සහජීවනයෙන් ජීවත්වෙන්න ඕනි. ප‍්‍රභාකරන් තමන්ගේම මතය වැරදි විදිහට පතුරුවන්න ගිහින් යුද්ධයක් ඇති කළා. අන්තිමට ප‍්‍රභාකරන්ට මරණය හිමිවුනා. කවදාවත් අන්තවාදීන්ට ජයග‍්‍රහණය කරන්න බෑ. කිසිම ආගමක් කියන්නේ නෑ අනිත් අය පාගාගෙන නැගිටින්න කියලා. තමන්ගේ ආගමේ දර්ශනය වැරදි විදිහට අන් අයට පෙන්වනවා. තමන්ට අභිමත පරිදි ආගමික දර්ශනය වෙනස් කරගෙන වැරදි විදිහට දේශනා කරන අය ඉන්නවා. ඒ අය ඉක්මණින් හඳුනා ගන්න පුළුවන්. මිනිස්සු වුනාම කථාකරන්න ඕනි. සමහර අය කථා කරනවා කියලා බුරන එක කරන්නේ. උම්බෑ කියනවා වගේ ඇහෙන්නේ.. අපි මිනිස්සු විදිහට බුරන්නේ නෑ. බලසේනාවල අය බිරුවට අපි බුරන්නේ නෑ.”
මෙවර ඉෆ්තාර් උත්සවය බදුල්ලේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කලේ, හාලිඇල මුස්ලිම් නොවන අන්‍ය ආගමික ප‍්‍රජාව වන අතර, මේ සඳහා විශාල පිරිසක්ද එක්වී සිටියහ. මෙහිදී අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් උපවාසය අත්හැරීම සනිටුහන් කරමින් මුස්ලිම් ජනතාව සමග ආහාර භුක්තිවිඳීමද සිදුකල අතර, ආගමික නායකයින්ද උත්සවය අමතා කථාකළහ.


20140721-af12.jpg

20140721-af13.jpg

20140721-af14.jpg