2018 දී පැවැත්වීමට යෝජිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය සුදුසුදැයි බැලීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රධාන සංවිධායක මයික් හූපර් මහතා ඇතුලූ නියෝජිතයින් පිරිසක් 2011-06-28 දින හම්බන්තොට නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය. ඒ අවස්ථාවේදී ප්‍රථම දකුණු ආසියානූ වෙරළ ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සුදානම් කරමින් පවතින හම්බන්තොට වෙරළ ක්‍රීඩාංගනය නිරීක්‍ෂණය කිරීම සදහා පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිත පිරිස ප්‍රථම දකුණු ආසියානූ වෙරළ ක්‍රීඩා සංවිධායක කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය නීතීඥ ඩිලාන් පෙරේරා මහතා විසින් පිළිගත් අවස්ථාව ඡායාරූපයේ වේ.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජිත පිරිස සමඟ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සංවිධායක කමිටුවේ සභාපති අජිත් නිවාඞ් කබ්රාල්, ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ.

20110629-img_7467.jpg

20110629-img_7472.jpg

20110629-img_7482.jpg