2010-2011 වසර සදහා සයිප්‍රස් රාජ්‍යයේ රැකියාවලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලත්, බලපත්‍රලාභි විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ විශේෂ හමුවක් පසුගියදා කාර්යාංශයේදී, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. දැනට වසරකට 2500 ක් පමණ රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙන අතර එය ඉදිරියේදී දෙගුණයකින් වැඩිකරගැනීම අමාත්‍යතුමාගේ ඉලක්කයක් වී තිබේ. මේ සදහා ගතයුතු ක්‍රියාමාර්ගද සාකච්ඡාවට ගැනිණ.

මෙහිදී සයිප්‍රස් රැකියා වැඩිකර ගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සහ සයිප්‍රස් රාජ්‍යයට ශ්‍රමිකයන් යැවීමේදී විදේශ රැකියා නියෝජිත හිමියන් දැනට මුහුණ දෙන ගැටළු පිළිබදව දීර්ග වශයෙන් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක, සාමාන්‍යාධිකාරී, H බටගොඩ, ක්‍රියාකාරි අධ්‍යක්ෂක නලීන් තරංග ගම්ලත්, විදේශ රැකියා පුද්ගලික සමාගමේ සභාපති අසංක අබේගුණසේකර යන මහත්වරුන් ඇතුළු රැකියා ඒජන්සි ආයතන 20ක නිලධාරින්ද සහභාගී වුහ. රැකියා නියෝජිතායතන හිමියන් ඇතුලූ නියෝජිතයන් ඇමතිතුමන් සමඟ සාකච්ඡාවට සහභාගී විය.

20110630-img_6487.jpg

20110630-img_6488_.jpg

20110630-img_6488.jpg